Header Ads

දුම්රියට පැන තරුණියක් සියදිවි හානි කර ගනී

කොච්චිකඩේ පොලිස් වසමේ දළුවකොටුව දුම්රිය මාර්ගය අසලදී ඊයේ (13) කොළඹ කොටුව සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියට පැන කාන්තාවක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 23ක් වූ මිගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මෘත ශරීරය මිගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) සිදු කිරීමට නියමිතයි.

කොච්චිකඩේ පොලීසිය මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Powered by Blogger.