Header Ads

මැතිව්ස් පන්දුව ගැන අවදානයෙන්


දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තමා වැඩි වශයෙන් පන්දු යැවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, පළමු ටෙස්ට් තරඟය පෝට් එළිසබෙත් හිදී දෙසැම්බර් 26 වන දා ආරම්භවීමට නියමිතයි. පසුගිය කාලය තුළ තමා ටෙස්ට් තරඟවලදී වැඩි වශයෙන් පන්දු යැවීමට කටයුතු නොකළ ද, වේග පන්දු යවන්නන්ට උචිත තණතිලි සහිත දකුණු අප්‍රිකාවේදී පන්දු යවමින් කණ්ඩායම වෙනුවෙන් කඩුලු ලබා ගැනීමට උත්සාහ කරන බව මැතිව්ස් සඳහන් කළා. පසුගිය ජුනි මාසයේ එංගලන්තය සමඟ පැවති පළමු එක්දින තරඟයේ පන්දු යැවීමේදී මැතිව්ස් කායික ආබාධයකට ලක්වුණා.
Powered by Blogger.