Header Ads

හැමිල්ටන් රක්ෂිතයට ඇතුළු වූ පහක් අතුරුදහන්


ශ්‍රීපාද අඩවියේ පිහිටි හැමිල්ටන් රක්ෂිතයට ඇතුළු වූ පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) පස්වරුවේ මොවුන් අදාළ රක්ෂිතයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් පිළිබඳ කිසිඳු තොරතුරක් නොමැති බව ද නල්ලතන්නිය පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයින් සොයා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.
Powered by Blogger.