Header Ads

හෙට ඉදලා ශ්‍රී පාදය වන්දනා කරන්න යන අයට පොලීසියෙන් නොමිලේ ලැබෙන දේ

ශ්‍රී පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන්ට මාවුස්සාකැලේ පොලිස් පිරික්සුමි කපොල්ලේදි විශේෂ බෑගයක් නොමිලේ ලබා දෙයි.

හෙටට (13.12) යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරමිභ වන ශ්‍රීපාද වන්දනා වාරයේදි පොලිතින් භාවිතය සමිපුර්ණයෙන්ම තහනමි කිරිමට ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේකුලපති බෙංගමුවේ ධමිමදින්න මහානායක හිමියන්ගේ යෝජනාවක් අනුව පරිසර මිතුරු වැඩ සටහන වශයෙන් ජනාධිපති ලේකමි කාර්යාලය හා මස්කෙළිය පොලිසිය මගින් අද (12.12) සිට ශ්‍රීපාදයට පිවිසෙන මස්කෙළිය පොලිස් පිරික්සුමි කපොල්ලේදි පරිසරයේදි දිරාපත් වන විශේෂ බෑගයක් හදුන්වාදීමේ උත්සවය හැටන් පොලිස් අධීකාරි බුද්ධික උඩුගමසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (12.12) උඣීසන එම පොලිස් පිරික්සුමි කපොල්ලේදි සිදුකළා.

පෞද්ගලික අංශයක අනුග‍්‍රහය මත මෙම විශේෂ බෑගය ශ්‍රීපාද වන්දනාකරුවන් රැගෙන එන බස් රථ ඇතුලූ සියලූම වාහන වලට ලබා දෙන අතර එම බස් රථ ඇතුලූ සියලූම වාහන වල පැමිණෙන වන්දනාකරුවන් සතු පොලිතින් ඇතුලූ සියලූම අපද්‍රව්‍ය එම විශේෂ බෑගයට බහා මාවුස්සාකැලේ මංසන්ධියේ සිට නල්ලතන්නිය දක්වා මාර්ගය දෙපස තබා ඇති කැළි කසල ඉවත් කිරීමේ බදුන් වලට බැහැර කළයුතුය.

නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වාම මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් විසින් ස්ථාන කිහිපයකදි නැවත වරක් වන්දනාකරුවන් පොලිතින් රැගෙන යනවාද යන්න පිළිබදව පරික්‍ෂා කිරිමට නියමිතය.

එසේ පොලිතින් ඇතුලූ අපද්‍රව්‍ය බැහැර කරන කැළි කසල බදුන් එදිනම අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් මස්කෙළිය රිකාටන් ප‍්‍රදේශයේ පිහිටි කැළි කසල ප‍්‍රතිචකි‍්‍රකරන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට නියමිතය.

ශ්‍රීපාදවන්දනා වාරය අවසන් වන තෙක්ම මෙම වැඩ පිළිවෙළ දියත් කරන අතර සෑම වන්දනාකරුවෙකුටම පරිසර හිතකාමි ලෙස කටයුතු කරන ලෙස දැනුවත් කරන අත්පති‍්‍රකා බෙදා හැරිමක්ද සිදුකෙරිනි.

මාවුස්සාකැලේ මංසන්ධියේ පොලිස් පිරික්සුමි කපොල්ල අසල විශාල දැන්විමි පුවරු මගින් වන්දනාකරුවන් දැනුවත් කිරිමටද මස්කෙළිය පොලිසිය මගින් කටයුතු කර ඇති අතර ශ්‍රීපාද පුදබිමේ පරිසරය සුරකිම සදහා මෙම පරිසර හිතකාමි වැඩ පිළිවෙල දියත්කළ බවයි මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා පැවසුවේ.

මෙම වැඩ සටහනට සමාගාමිව ශ්‍රීපාද වන්දනා වාරයට පමණක් කි‍්‍රයාත්මක මාවුස්සාකැලේ මංසන්ධියේ අංග සමිපුර්ණව ඉදිකරන ලද පොලිස් පොලිස් පිරික්සුමි කපොල්ල පොලිස් අධීකාරිවරයා විසින් අද (12.12) විවෘත කළ අතර එම පොලිස් පොලිස් පිරික්සුමි කපොල්ල පොලිස් නිළධාරින් විශාල පිරිසකට රාජකාරි කිරිමට සහ විෙවික ගැනිමට ඉඩ පහසුකමි ලබා දි තිබෙනවා.

Powered by Blogger.