Header Ads

උප පොලිස් පරීක්ෂකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

කුරුණෑගල ප්‍රදේශයේදී සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

සිද්ධියෙන් මියගිය කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂණ රත්න බණ්ඩා දසනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, මදුරාගල නිවසට ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සංවේගය පළ කර තිබේ.

පසුගිය 15 වනදා රාත්‍රියේ ව්‍යාජ අංක තහඩු සහිත සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි පුද්ගලයින් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී එක් නිලධාරියෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.
Powered by Blogger.