Header Ads

සිය පියා ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිය පියා ඝාතනය කළ බවට සැකපිට පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) රාත්‍රී අදාළ ඝාතනය සිදුව ඇති බව සඳහන්ය. සැකකාර පුත්‍රයා විසින් සිය පියාට මුගුරකින් පහර දී ඇති අතර බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 79 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Powered by Blogger.