Header Ads

අංකුඹුර වෙඩි තැබීම-තවත් සැකකරුවෙක් දැලේ

අංකුඹුර, බැබිලගොල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි.

අංකුඹුර, බැබිලගොල්ල ප්‍රදේශයේදී ඊයේ(20) උදෑසන මාර්ගය ආසන්නයේ රැදී සිටි පුද්ගලයින් දෙනෛකුට මෝටර් රථයකින් පැමිණි සන්ධන්ද පිරිසක් විසින් වෙඩි තබා පළාගොස් තිබූ අතර එහිදී එක් පුද්ගලයෙකු මියගියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අංකුඹුර පොලීසිය මූලික විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබයි.

ඒ අනුව සැකකරුවන් පැමිණි මෝටර් රථය පූජාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් අතර ඊට සම්බන්ධ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Powered by Blogger.