Header Ads

ප්‍රසිද්ධියේ අපහාස කළ තවුහිද් ජමාත් ලේකම් රිමාන්ඩ්

ආගම් අතර නොසන්සුන්තාවක් වර්ධනය කරන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අවකාශයේ මුදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අබ්දුල් රාෂික් රෆයිඩීන් නමැති අය අද (16)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය විසින් කරුණු දක්වමින් කියා සිටියේ මොහු විසින් බුදු දහමට හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදාහැර ඇති බවයි.

මෙමගින් ආගම් අතර නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩකඩ පවත්නා බවත්,සැකකරු විසින් වැරැද්දක් සිදුකර ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පවසන ලදී.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය විසින් සැකකරු ලබන 29වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
Powered by Blogger.