Header Ads

විලාසිතා තරඟයක් සඳහා පොලිස් නිලධාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවයි

රුසියාවේ පොලිස් නිලධාරිනියන් වෙනුවෙන් විශේෂිත තරඟයක් සංවිධාන කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

පොලිස් නිලධාරිනියන් වෙනුවෙන් පැවැත්වෙන විලාසිතා තරඟයක් වන මෙය සංවිධාන කර ඇත්තේ සේවයේ නිරතවන තරුණ නිලධාරිනියන් වෙනුවෙනුයි.

මෙම තරගය වෙනුවෙන් රුසියාවේ සියලු පොලිස් ස්ථානවලින් ඉල්ලුම් පත් දහස් ගණනක් ලැබෙමින් පවතින බවයි සංවිධායකන් ප්‍රකාශකර ඇත්තේ.

තරගයේ අරමුණ කාන්තාවන්ට ශක්තිමත්ව කටයුතු කිරීමට මෙන්ම රූපයෙන් අලංකාර වීමට ද හැකි බව පෙන්වීම බව ද සංවිධායකයන් සඳහන් කර තිබෙනවා.

පොලිස් නිලධාරිනියන්ගෙන් ලැබුනු ඉල්ලුම් පත් අතරින් එම පිරිසගේ විවිධ ඉරියව් ඇතුලත් ඡායාරූප කිහිපක් මේවන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.


Powered by Blogger.