Header Ads

ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම හෙට දිනයේ සිට මේ මස 21 වනදා දක්වා පවතින වැසි තත්ත්වයෙන් වර්ධනයක් අපේක්ෂා කරනවා.

මේ අතර, මඩකලපුවේ සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
Powered by Blogger.